තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොකියා සේවය හැර ගිය දොස්තරලා 4ක් ගැන ගත් තීරණය

    නොකියා සේවය හැර ගිය දොස්තරලා 4ක් ගැන ගත් තීරණය

    නොදන්වා සේවය හැර ගොස් සිටින වෛද්‍යවරු 4 දෙනෙකුගේ ලියාපදිංචිය අහෝසි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා කර තිබෙන ඉල්ලීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු කරන්නේ නීතියට අනුව බවත් එම වෛද්‍යවරුන් වෛද්‍ය ආචාරධර්මවලට පටහැනිව කටයුතු කර ඇතැයි හැඟෙන්නේ නම් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නැයි ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම් දී ඇත.

    සේවය හැර ගිය වෛද්‍යවරුන් හතර දෙනකුගේ නම් සදහන් කරමින් ඔවුන්ගේ ලියාපදිංචිය අහෝසි කරන්නැයි ඉල්ලමින් ජනක ශ්‍රී චන්දගුප්ත මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිපියක් යොමුකර තිබිණ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img