තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'දන්නෝ බුදුන්ගේ..' ගීතය ජාතික උරුමයක් වෙයි (🎬🎼)

    ‘දන්නෝ බුදුන්ගේ..’ ගීතය ජාතික උරුමයක් වෙයි (🎬🎼)

    වසර 120ක් පමණ පැරණි ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ ගීතය ජාතික උරුම ගීතයක් ලෙස නම් කිරීමට රජය තීරණය කරයි.

    1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා ශූරින් විසින් රචනා කර ඇති විශ්වනාත් ලව්හි මහතා විසින් තනු නිර්මාණය කර තිබෙන ‘සිරිසඟබෝ’ නෘත්‍යයේ මේ ගීතය ඇතුළත් විය.

    මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව හා වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතයක් හා සමානව භාවිතයට ගෙන ඇති බවට සාක්ෂි පවතී.

    ජාතියේ වින්දනය සහ චින්තනය කෙරෙහි ශත වර්ෂයකට අධික කාලයක් එම ගීතය අඛණ්ඩව බලපා තිබෙන බව සැලකිල්ලට ගනිමින්, “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” ගීතය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.

    රාජ්‍ය හා පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කලින් කල එම ගීතය විවිධ ගායක ගායිකාවන් ගායනා කළ අයුරු.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img