උපකාරක පංති සඳහා සභාගිවීමට යන බව දෙමාපියන්ට පවසා අවිස්සාවේල්ල වෙහෙරකඩගල විහාරස්ථාන භූමියේ සිසුවියන් දෙනෙකු සමඟ කරක් ගසමින් සිටි සිසුන් සිව් දෙනෙකුව මත්කුඩු ලෝලීන් දෙදෙනෙකු විසින් බිය ගන්වා දණ ගස්සවා ඔවුන් අත වූ ජංගම දුරකථන සහ මුදල් කොල්ලකා තිබේ.
මෙම අපරාධය සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදී බව අවිස්සාවේල්ල පොලීසිය සඳහන් කළේය.
රුපියල් 65,000ක් හා රුපියල් 75,000ක් වටිනා ජංගම දුරකථන 02ක් සහ රුපියල් 600ක මුදලක් මෙසේ කොල්ලකා ඇත.
යකඩ පොල්ලක් අතින් ගෙන සිසුන් ඉදිිරියට පැන්න මෙම මත්කුඩු ලෝලීන් දෙදෙනා සිසුන්ව බිය ගන්වා ඇත්තේ යකඩ පොල්ල පෙන්වාය.