තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටෙලි නිෂ්පාදිකාවගේ නිවසේ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේදී මැරුණු හැටි සොයා පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක්

    ටෙලි නිෂ්පාදිකාවගේ නිවසේ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේදී මැරුණු හැටි සොයා පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක්

    ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් මෙන්ම ව්‍යාපාරික කතක් වන සුදර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය යාම සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් එම විමර්ශනය පවත්වන බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

    මෙසේ පොලිස් අත්අඩංගුවේ දී මියගොස් ඇත්තේ බදුල්ල නාවල වත්ත දෙමෝදර පදිංචිකාරියක් වන ආර්. රාජ් කුමාරි නැමැති 42 හැවිරිදි කාන්තාවකි.

    සුදර්මා නෙත්ති කුමාර මහත්මිය විසින් පසුගිය 11කලායැයි කියනු ලබන පැමිණිල්ලකට අනුව මෙහෙකාරියව එදිනම එදින අත්අඩංගුවට ගත් බව කියැවෙති. ඒ වන විට එම මෙහෙකාරිය සෙස්වයේ නිරතව සිට ඇත්තේ බොරැල්ල කොටා පාරේ පිහිටි නිවසකය.

    වැලිකඩ පොලීසිය තුළ රදවාගෙන මෙහෙකාරියගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටියදී ඇය රෝගී වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පාර්ශවයෙන් කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img