fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝකයට ජීවය දෙන මව්වරුන්ගේ දිනය අදයි

    ලෝකයට ජීවය දෙන මව්වරුන්ගේ දිනය අදයි

    ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබේ.

    ලොව පුරා විවිධ රටවල් මව්වරුන්ගේ දිනය විවිධ දිනවලදී සැමරීමට කටයුතු කරයි.

    උතුරු අර්ධ ගෝලයට අයත් රටවල් මව්වරුන්ගේ දිනය සැමරීමට අප්‍රේල් සහ මැයි මාස දෙක අතර දිනයක් යොදාගනු ලබයි.

    වර්තමානයේ පවතින මව්වරුන්ගේ දිනය සැමරීම ආරම්භ කෙරුණේ 1908 බටහිර වර්ජිනියාවේ ග්‍රාෆ්ටන්හි විසූ ඇනා ජාට්ස් විසින් සිය මවගේ ගුණානුස්මරණයක් පැවැත්වීමෙනි.

    අද වන විට ඇමෙරිකාව, එංගලන්තය, ඩෙන්මාර්කය, ඉතාලිය, කැනඩාව, මෙක්සිකෝව,ජපානය,ඉන්දියාව ඇතුලු රටවල් 50කට අධික සංඛ්‍යාවක් මව්වරුන්ගේ දිනය සැමරීමට කටයුතු කරයි.

    මව්වරුන්ගේ දිනයෙහි නිර්මාතෘවරිය වූ ඇනා ජාට්ස් මෙනෙවිය අවිවාහක කාන්තාවකි. ඇයට කරන ගෞරවයක් ලෙස මව්වරුන්ගේ දිනයෙහි “ අම්මා” යන විරුදාවලියෙන් ඇයව පුදනු ලබයි.

    ඇනා ජාට්ස් පුද්ගලිකව මව්වරුන්ගේ දිනය සමරන්නට සැලසුම් කළේ සුදු කානේෂන් මලක් පැළදිමෙන් පල්ලියේ දේව මෙහෙයන්ට ගොස් එදින එහි පැමිණ සිටින මව්වරුන් සමග කාලය ගත කරන්නටය.

    එය මුදල් මත යැපෙන වානිජකරණයට ලක්වූ දිනයක් ලෙස දකින්නට ඇයට අවශ්‍ය නොවීය. නමුත් 1925 වසර වන විට මව්වරුන්ගේ දිනය ‘මාර්කට්’ වෙන්නට පටන්ගෙන තිබුණේ සුදුපැහැති කානේෂන් මල් වෙළෙදසැල්වලින් විකිණෙන්නට පටන් ගනිමිනි.

    මව්වරුන්ගේ සුබසාධනය වෙනුවෙන් ඒ මුදල් අරමුදල්ගත වන බව වෙළෙන්දෝ පැවසූහ. 1940 දි ඇනා ජාට්ස් මව්වරුන්ගේ දිනයෙහි අන්තර්ජාතික සමුළුව (International Mother’s Day Association) ආරම්භ කළද එහි මූලික අරමුණ වූයේ මල් වෙළෙදාම නැවැත්වීමයි.

    එම වසරේ මව්වරුන්ගේ දිනය ඉලක්ක කරගෙන සිදුකළ මල් වෙළෙදාම 11.45% කින් පහත වැටුණු බවත් සදහන්වී තිබුණි. මව්වරුන්ගේ දිනය මුදලට විකිණීම නැවැත්වීම සදහා ඇයට සිදුවූයේ තම දිවියේ සැදෑ සමය වෙන්කරමින් අරගල කරන්නට පමණක් නොව නඩු මගටද යොමු වන්නටය.

    ලෝකයක් තනන, අපේ මව්වරුන් අතින් ඉටුවන්නාවූ නිමක් නැති, නිහඩ සේවය අගය කිරීම දිනකට සීමා නොවිය යුතු ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.