fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රාජ්‍ය සේවය පුළුල් වෙලා. ආර්ථිකය හැකිලිලා. අපිට කොහේහරි වැරදිලා"

    “රාජ්‍ය සේවය පුළුල් වෙලා. ආර්ථිකය හැකිලිලා. අපිට කොහේහරි වැරදිලා”

    රාජ්‍ය සේවය පුළුල් වෙන තරමට රටේ ආර්ථිකයත් ශක්තිමත් විය යුතු වුවද මෙරට රාජ්‍ය සේවය පුළුල් වී ආර්ථිකය හැකිලී ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    “රාජ්‍ය සේවය අතින් මීට දශක තුන හතරකට පෙර අපි හොඳ මට්ටමක හිටියා. නමුත් අද අපි ඉන්නේ සතුටු විය හැකි තැනක නොවෙයි. කොහේ හරි අපිට වැරදිලා තියෙනවා. අපේ රාජ්‍ය සේවය ඉතා පුළුල් එකක්. ලක්ෂ දාසයක් රජයේ සේවකයින් ඉන්නවා. එහෙමනම් රාජ්‍ය සේවය පුළුල් වෙන තරමට රටේ ආර්ථිකයත් ශක්තිමත් වෙන්න ඕන. එහෙම වෙලා නැහැ. රාජ්‍ය සේවය පුළුල් වෙලා තිබුණත් ආර්ථිකය හැකිලිලා තියෙනවා. එහෙම වෙන්න මොකක්ද හේතුව එහෙනම් රාජ්‍ය සේවයේ ඵලදායිතාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ලෝකයේ දියුණු රටවල් වල රජයේ සේවය ඉන්නේ ඒ රටේ ජනගහනයෙන් සියයට තුනක්, අපේ ඉන්නවා සියයට 7 හෝ 7.5 ක්. ඒ තුළ රාජ්‍ය වියදම ඉහළ ගිහින් තිබෙනවා. ඵලදායිතාවය පිළිබඳ දත්ත වලින් අපට සෑහීමට පත්වෙන්න බැහැ.” යැයි ද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

    යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉටු කිරීමට මෙන්ම සාමය හා සංහිදියාව ගොඩ නැංවීමේ කටයුතු වැඩි දියුණු කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කටයුතු තවදුරටත් ජනතා හිතවාදීව ඵලදායී අයුරින් සිදු කිරීම පිළිබදව විශේෂ වැඩමුළුවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද ( 13) පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම් බව කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.