තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස් ටිකට් එකේ ඉතුරු දුන්නැද්ද? කෝල් කරන්න..

    බස් ටිකට් එකේ ඉතුරු දුන්නැද්ද? කෝල් කරන්න..

    බස් රථ තුළ ගමන් කරන මගීන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි.

    මුදල් ලබාගෙන ටිකට් නොදීම, ඉතිරි මුදල් නොදීම, අපහසුතාවයට පත්වන අයුරින් ඇමතීම වැනි අවස්ථාවලදී වහා ඒ පිළිබඳ 1955 යන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

    මේ අතර අන්තර් පළාත් බස් රථවල GPS Tracker සවිකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගනිමින් සිටී.

    එමගින් තම ප්‍රවාහන පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අරමුණයි.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී ඇති අන්තර් පළාත් බස් රථවලින් අවම වශයෙන් තුනෙන් එකක හෝ මෙම පද්ධති සවි කර ඇති බවත් මෙමගින් මගීන් මුහුණ දෙන ප්‍රමාදයන් අවම කරනු ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img