තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එලෝන් මස්ක්ට 'මෝඩියෙක්' හමුවෙයි - පුටුවත් බාරදෙයි

    එලෝන් මස්ක්ට ‘මෝඩියෙක්’ හමුවෙයි – පුටුවත් බාරදෙයි

    ට්විටර් සමාජ ජාලයට නව ප්‍රධාන විධායක නිලධාරියකු පත්කළ බව එහි වත්මන් හිමිකාර, බිලියනපති එලොන් මස්ක් නිවේදනය කළේය.

    ඒ අනුව එන්බීසී යුනිවර්සල් හි හිටපු ප්‍රචාරක ප්‍රධානී ලින්ඩා යකාරිනෝ සමාජ මාධ්‍ය සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වන බව ඔහු කියා සිටී.

    ඒ අනුව මෙතෙක් එම තනතුර හෙබවූ මස්ක් ඉන් ඉවත් වනු ඇත.

    ට්විටර් අත්පත් කරගැනීමෙන් මාසයකට වැඩි කාලයකට පසු, ඔහු පසුගිය දෙසැම්බරයේ දී ට්වීට් කළේ “රැකියාව භාර ගැනීමට තරම් මෝඩයෙකු සොයාගත් වහාම මම ප්‍රධාන විධායක තනතුරෙන් ඉල්ලා අස් වෙමි.” යනුවෙනි.

    ට්විටර් සම්බන්ධයෙන් දිගින් දිගටම නොමනා තීන්දු ගැනීම නිසා ට්විටර් සාමාජිකයන් මස්ක්ගෙන් ඉල්ලා සිටියේ CEO තනතුරින් වහා ඉවත් වන ලෙසයි.

    මස්ක් ඉහත පිළිතුර ලබාදී තිබුණේ ඊට පිළිතුරක් වශයෙනි.

    කෙසේවෙතත් මස්ක් ට්විටර් හි විධායක සභාපතිවරයා ලෙසත් ප්‍රධාන තාක්ෂණික නිලධාරී ලෙසත් තවදුරටත් කටයුතු කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img