fbpx
තවත්
    මුල් පිටුවspecial'ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස්'හි දුෂ්ටයාගේ නමින් සමනළ විශේෂයක් නම් කරයි

    ‘ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස්’හි දුෂ්ටයාගේ නමින් සමනළ විශේෂයක් නම් කරයි

    ලොව පුරා අතිශය ජනප්‍රියත්වට පත්වූ නවතාවක් වන පසුව සම්මාන ලාභී චිත්‍රපට මාලාවක් ලෙසින් නිර්මාණය වූ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් නවකතාවේ දුෂ්ටයා වන සෞරොන්ගේ නමින් නව සමනලුන් විශේෂයක් නම් කිරීමට විද්‍යාඥයන් පියවර ගෙන තිබේ.

    විශේෂඥයන් විසින් මෙම සමනලුන් හට සෞරෝනා යනුවෙන් නම් කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඔවුන්ගේ තැඹිලි පැහැති පියාපත්වල ඇති කළු පැහැති වළලු වලට සමාන රටාව ලෝඩ් ඔෆ් ද රින්ග්ස් නවතාව රචනය කළ ජේ ආර් ආර් ටොල්කියන්ගේ පොත්වල විස්තර කර ඇති සියල්ල දකින ඇස ඔවුන්ට මතක් කර දුන් බැවිනි.

    මෙලෙස මෙම සමනලුන් විශේෂය අසමාන්‍ය නාමයකින් හදුන්වා දීම මගින් ඔවුන් කෙරෙහි වැඩි අවදානයක් සහ නව පර්යේෂණ වලට විද්‍යාඥයින් යොමු වෙතැයි අපේක්ෂා කරන බව ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස පිළිබඳ කෞතුකාගාරය සඳහන් කරයි.

    අලුතින් නම් කරන ලද සෞරොන් ගණයට සමනල විශේෂ දෙකක් එකතු කර ඇත. ඒ අනුව Saurona triangular සහ Saurona aurigera සමනලුන් මෙම කණ්ඩායමේ ආරම්භක සාමාජිකයින් වන නමුත් තවත් බොහෝ විශේෂයන් ඔවුන් සමඟ එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    සමනලුන් සඳහා මෙම නම තෝරාගෙන ඇත්තේ ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස පිළිබඳ කෞතුකාගාරයේ සමනලයින් පිළිබඳ භාරකරු වන ආචාර්ය බැලන්කා වුවෙර්ටස් විසින් වන අතර, ඇය මෙම නව සමනලුන් ගණය පිළිබද Systematic Entomology විද්‍යා සඟරාවේ පළකළ ලිපිය සම්පාදනය කළ කණ්ඩායමේද සමාජිකාවකි.

    ලොව පුරා සිටින විද්‍යාඥයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් දශකය තුල Euptychiina සමනල උපගෝත්‍රය අධ්‍යයනය කිරීමට කටයුත කර තිබිණි. එහිදී විශේෂඥයන් විවිධ සමනල විශේෂ 400කට වඩා විශ්ලේෂණය කළ අතර, ඔවුන් අතර ජානමය මට්ටමින් මෙන්ම ඔවුන්ගේ පෙනුම අනුව වෙනස්කම් හඳුනා ගැනීමට ඩීඑන්ඒ අධ්‍යනය කිරීමටද පියවරගෙන තිබිණි..

    සෞරෝන්ගේ නමන් නම් කළ පළමු සත්ව විශේෂය Saurona triangula සහ Saurona aurigera Sauron නොවන අතර මීට පෙර ලොඩ් ඔෆ් ද රින්ග්ස් හී දුෂ්ටයාගේ දිලිසෙන ඇසට සමාන හැඩයක් ගත් කුරුමිණියෙකු, ගෙම්බෙකු සහ ඩයිනෝසෝරයෙකුද නම් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.