fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දන්සල් යනවා කියා ගිය දැරියගේ මළසිරුර රේල් පාරෙන් හමුවු ඝාතන අභිරහස විසඳෙයි

    දන්සල් යනවා කියා ගිය දැරියගේ මළසිරුර රේල් පාරෙන් හමුවු ඝාතන අභිරහස විසඳෙයි

    කළුතර හෝටලයකට පැමිණි 16 හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් සිරුරක් හෝටලය ආසන්නයේ දුම්රිය මාර්ගයට ආසන්න ස්ථානයක තිබී හමුවීම සම්බන්ධයෙන් වූ අභිරහස විසදීමට පොලීසිය සමත්ව ඇත.

    ඇය සමඟ හෝටල් කාමරයේ රැදී සිටි පුද්ගලයාව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී නැත. ඔහු පළාගොස් සැඟවී සිටින බව පොලීසිය කියයි.

    මෙම සිසුවිය හෝටලයට ගොස් ඇත්තේ 19 හැවිරිදි ඇගේ මිතුරියක් සමගිනි. දෙදෙනා නිවසින් පිටව ගොස් ඇත්තේ වෙසක් දන්සලකට යන බව දෙමාපියන්ට පවසමිනි. ඒ ගොස් ඔවුන් දෙදෙනා පිරිමි දෙදෙනෙක් සමඟ සම්බන්ධ වෙමින් අදාල හෝටලයට ගොස් මත්පැන් පානයකර ඇති බවද අනාවරණය වී තිබේ.

    ඇය සමඟ හොටලයට ගිය ඇගේ මිතුරිය බව කියන 19 හැවිරිදි සිසුවියත් ඇගේ පෙම්වතා බව කියන පුද්ගලයාත් පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය. 16 හැවිරිදි සිසුවිය සමඟ හෝටල් කාමරයේ රැදී සිට ඇත්තේ මිතුරියගේ පෙම්වතාගේ මිතුරෙකි. ඔහු ව්‍යාපාරිකයෙක් බවත් විවහාකයෙක් බවත් පොලීසිය කියයි. මෙම පුද්ගලයාට දේශපාලන සම්බන්ධකම් ඇති බවද අනාවරණය වී ඇත.

    සිසුවිය ඇය රැදී සිටි හෝටලයේ පස් වෙනි මහලේ කාමරයෙන් බිමට වැටී ඇති බවත් ඒ වන විට ඇය සිට ඇත්තේ නිරුවතින් බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ. ඇය බිමට වැටීමෙන් පසු ඇය සමඟ කාමරයේ රැදී සිටි පුද්ගලයා ඇය වැටී සිටි ස්ථානයට ගොස් මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කර ඇති බවද අනාවරණය වී තිබේ.

    අනතුරුව ඔහු හෝටලයෙන් පළාගොස් තිබේ. එසේ ඔහු පළාගොස් ඇති මෝටර් රථය කළුතර පලාතොට ප්‍රදේශයේ සගවා තිබියදී සොයාගෙන ඇත. ඒත් සමඟම එම රථයේ රියදුරු ලෙස කටයුතු කළ බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    තරුණිය ඇදවැටීමෙන් පසු ලැගුම් හලෙන් පලාගිය සැකකරු බණ්ඩාරගම ගැලනිගම දක්ෂිණ අධිවේගී පිවිසුම අසලට ගමන්කර එහි මෝටර් දමා යාමෙන් පසු රථය රැගෙන පැමිණි ඇති බවට රියදුරුගේ ප්‍රකාශවලින් තහවුරු වී ඇත.

    මෙම සිව්දෙනා ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් මෙදින පස්වරු 6.20 ට පමණ කළුතර ලැගුම්හලට පැමිණ වායුසමනය කළ සහ නොකළ වශයෙන් කාමර දෙකක් ලබාගෙන ඇති බවත්, ඔවුන් සමග සිව්දෙනාම එකම කාමරයක මත්පැන් පානය කරමින් සිටින අයුරු හෝටල් සේවකයකුගේ ප්‍රකාශවලින් තහවුරුව තිබේ.

    හෝටලය තුල පැයකට ආසන්න කාලයක් රැදීසිටි රිමාන්ඩ් බාරයට පත් වූ තරුණ යුවළ හෝටලයෙන් පිටව ගොස් ඇති අතර ඉන්පසු ප්‍රධාන සැකකරු අනෙක් තරුණයාට පාසල් සිසුවිය පහළට ඇදවටුන බවත්, අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා ඕක හංගපන් යනුවෙන් උපදෙස් දී ඇති බවත් සදහන් වේ.

    නිරුවත් මළසිරුර රේල් පාරෙන් ඉවත්කරන අයුරු හෝටල් සේවකයකු සහ හෝටලයේ දෙවන මහලේ ආහර ගනිමින් සිටී කාන්තාවක දැක ඇති බවද පොලිසිය කීය.

    කළුතර ශීක්ෂණ රෝහලේදී පශ්චාත් මරණ විමර්ශනය සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී ඩී.කේ. වෙනුරජිත් මහතා විසින් සිදුකර ඇති අතර , ශරීර කොටස් සහ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇත.

    ශරීරය පරීක්ෂා කිරීමේදී දැරියගේ දකුණු පාදයේ සහ වම් පියයුරක දත් පහරවල් නිරීක්ෂණයවී ඇතැයිද සදහන් වේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.