තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතුරුගිරියේ ලක්මිණි ලී මඩුවේ අයිතිකාරිය මරා දැමූ අභිරහස විසදේ

    අතුරුගිරියේ ලක්මිණි ලී මඩුවේ අයිතිකාරිය මරා දැමූ අභිරහස විසදේ

    අතුරුගිරිය – ගොඩගම පාරේ පිහිටි ලක්මිණි ලී මඩුවේ හිමිකාරිනිය සහ එහි සේවකයේ නිරතව සිටි වඩු කාර්මිකයෙක් කපා කොටා පහරදී ඝාතනය කර පළාගොස් සැඟවී සිටි අපරාධකරුව අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලීසිය ඊයේ සමත්විය.

    ඒත් එක්කම මෙම ඝාතනයේ අභිරහස විසදී ඇතැයි පොලීසිය කියයි.

    අත්අඩංගුවටගත් පුද්ගලටයා මොරටුව රාවතාවත්තේ පදිංචිකරුවෙකි. ඒ හැරුණු කොට ඔහු පානදුර පැත්තේද පදිංචිව සිට ඇති බව පොලීසිය කියයි.

    පසුගිය 02 වෙනිදා සවස මෙම පුද්ගලයා අතුරුගිරිය පොලීසිය ආසන්නයේ පිහිටි ලක්මිණි ලී මඩුවට පැමිණ එහි හිමිකාරිනියවන පියසිලි මහවත්ත (62) මහත්මිය ඝාතනයකර ඇත්තේ ඇගේ කටට පිහියකින් ඇනය. මළ සිරුර මෙදින රාත්‍රී කාලයේ පොලිසියට හමුවන විටත් පිහිය කටේ තිබී ඇත.

    මෙහිදී මෙම ලී මඩුවේ සේවයේ නිරතව සිටි වඩුකාර්මිකයෙකුද හිසට එල්ලවුණු පොලු පහරකින් බරපතල ලෙස තුවාල ලබා සිට ඇත. එම්.චන්ද්‍රසිරි (51) නැමැති ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මියගොස් තිබේ.

    ආරක්ෂක කැමරා සහ දුරකථන ජාල විශ්ලේෂණ ඔස්සේ සැකකරු හදුනාගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුවේදීය. අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මෙම සැකකරු මොරටුවේ ලී වෙළෙන්දන් ළඟ සේවයේ නිරතව සිටින රියදුරෙක් බවය.

    මොරටුවේ සිට ලී තොග මෙම මඩුවට රැගෙන එන විට ඔහු වැඩිපුර ලී සහ ලෑලි එම රථයේ දමාගෙන එන බවත් ඒ වෙනුවෙන් රුපියල් 70,000ක මුදලක් ඔහුට මෙම කාන්තාවගෙන් ලැබීමට තිබී ඇති බවත් පොලීසිය කියයි. එකී මුදල ඇගෙන් කිහිප විටකදීම ඉල්ලා සිටියත් එය නොදීම නිසා මෙසේ ඇයව ඔහු ඝාතනයකර ඇති බව පොලීසිය කියයි.

    ලී මඩුවේ හිමිකාරිනියට පිහියෙන් ඇන ඝාතනයකරන විට එම ලී මඩුවේ සේවයේ නිරත වඩු කාර්මිකයා දැක ඇති බවත් එහිදි ඔහුට පොල්ලකින් හිසට පහරදුන් බවත් අත්අඩංගුවට ගත් සැකකරු පවසා තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img