තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෙසක් සතියේ ඇවිලෙන්නට ගිය ආගමික ගැටුමක් පොලීසිය නිසා වැළකෙයි

    වෙසක් සතියේ ඇවිලෙන්නට ගිය ආගමික ගැටුමක් පොලීසිය නිසා වැළකෙයි

    ක්‍රිස්තියානු බැතිමතුන් බහුව ජීවත්වන දළුව ප්‍රදේශයේ තාවකාලික කොන්ක්‍රීට් කණුවක් මත බුදු පිළිමයක් ස්ථාපිතක කිරීමට වෙසක් සතිය තුළ යම් පිරිසක් විසින් ගත් උත්සහයක් නොරොච්චෝලේ පොලීසියේ නිලධාරීන් විසින් ව්‍යාර්ථ කරමින් ඇතිවන්නට ගිය ආගමික ගැටුමක් වලක්වා තිබේ.

    පෙරහැරකින් පැමිණි පිරිසක් විසින් මෙම බුදු පිළිමය පසුගිය 04 වෙනිදා මෙසේ ස්ථාපිතකරමිනන් ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහදරා ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම පෙරහැරේ පැමිණි පිරිසක් විසින් කිසිදු අවසරයක් තොරව දළුව මංසන්දියේ තාවකාලිකව කොන්ක්‍රීට් කණුවක් සිටුවා බුදු පිළිමයක් ස්ථාපතිකළ බවද පොලීසිය කියයි.

    මෙම ප්‍රදේශය ක්‍රිස්තියානි බැතිමතුන් බහුල වශයෙන් ජීවත්වන ප්‍රදේශයක් වූ බැවින් ඊට විරෝධය දක්වමින් එම මිසමේ ආගමික නායකයින් ඇතුළු 400ක පමණ පිරිසක් එම ස්ථානයට රැස්වීවූ බවත් මෙහිදී වහාම ක්‍රියාත්මක වූ පුත්තලම පොලිස් බලධාරීන් මෙම බුදු පිළිමය එම ස්ථානයෙන් සිය භාරයට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන විත් සිදුවන්නට ගිය ගැටුමක් මැඩපත්වා ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීමට පියවර ගත් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img