තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් මිල පහළ ගියත් මේ ගාස්තු අඩුකරන්න බැරිලු

    තෙල් මිල පහළ ගියත් මේ ගාස්තු අඩුකරන්න බැරිලු

    අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ ගියද කුලී ත්‍රිරෝද රථ වූ බස් ගාස්තුව වෙනසක් සිදු නොවන බව අදාළ ප්‍රවාහන සංගම් ප්‍රකාශ කර සිටී.

    ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමූවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය පවසයි.

    ඉන්ධන මිල ගණන් පහත දැමූවද ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

    රුපියල් 7කින් වැනි සුළු මුදලකින් පෙට්‍රල් මිල පහත දැමීම ගාස්තු වෙනසක් සිදුකිරීමට ප්‍රමාණවත් නොවන බව එහි සභාපති ලලිත් ධර්මසේන මහතා අද (01) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img