අද දින සමරනු ලබන මැයි දිනය හෙවත් ලෝක කම්කරු දිනය නිමිත්තෙන් විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් විරෝධතා පෙළපාලි, රැස්වීම් පැවැත්වීමට නියමිත බැවින් පොලීසිය විසින් ඊට අදාළව විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරයි.
කොළඹ ආශ්‍රිතව ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කර ඇති අතර පිට පළාත්වල මැයි දින රැළි සඳහා ආරක්ෂාව සැපයීමට අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පොලිස් මූලස්ථානයෙන් උපදෙස් දී තිබේ.
මේ අනුව පොලිසීය විසින් ඒ සම්බන්ධව ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව, සාමාන්‍ය රථවාහනය ගමනාගමනය විධිමත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු ඇත.
මැයි දින පෙළපාලි සහ රැස්වීම්වලට අදාළව ක්‍රියාත්මක වන ගමන් මාර්ගය පහත පරිදි වේ.
අද දින පැවැත්වෙන මැයි දින පෙළපාලි, රැස්වීම් ආශ්‍රිතව රථගාල් කිරීම සම්බන්ධ සිතියම් පහතින් ඉදිරිපත් කර ඇත.