වත්මන් ආර්ථික තත්ත්වය සහ එම කටයුතු විශ්ලේෂණය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය රැස්වීමක් පවත්වයි. පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (28) පැවති එම රැස්වීමේ මුලසුන දැරීය.
චීන ආර්ථික ක්‍රියාකාරිත්වය මනා ආරම්භයක් ලබාගනිමින්, ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා හොඳ තත්ත්වයක පවතින බව මෙහිදී ප්‍රකාශ කෙරිණ. වෙළෙඳපොළ ඉල්ලුම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, ආර්ථික සංවර්ධනය ප්‍රකෘතිමත් වීමේ ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ද එහිදී ප්‍රකාශ කෙරිණ. උසස් තත්ත්වයේ සංවර්ධනය උදෙසා පවතින බොහෝ දුෂ්කරතා සහ අභියෝග ජයගත හැකි බව ද අවධාරණය කරනු ලැබීය.
ප්‍රතිසංස්කරණ සහ ඉහළ මට්ටමේ විවෘත කිරීම් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද මෙම රැස්වීමේ දී පෙන්වා දෙනු ලැබීය. පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ සැලැස්ම හෘද සාක්ෂියට එකඟව ක්‍රියාත්මක කර, රටේ පාලන පද්ධතිය සහ පාලන හැකියා නවීකරණය කළ යුතු බව ද මෙහිදී විග්‍රහ කෙරිණ.