තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෆවුසිට සජබෙන් ලෙඩක්

    ෆවුසිට සජබෙන් ලෙඩක්

    පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කරයි. 

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) යෝජනාවලියට පක්ෂව ඊයේ (28) පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

    සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා IMF ගිවිසුමට පක්ෂව ඡන්දය ලබාදීම පක්ෂ තීරණයට පටහැනි බවය.

    සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ ඒ.එච්.එම් ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දුන්හ.

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img