fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුඩානයේ ගැටුම් අතරින් ගලවා ගත් ලාංකිකයක් පිරිසක් දිවයිනට

    සුඩානයේ ගැටුම් අතරින් ගලවා ගත් ලාංකිකයක් පිරිසක් දිවයිනට

    සුඩානයේ සිට පවතින අර්බුදය හේතුවෙන් ඉවත් කරගන්නා ලද ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු අද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය සහ සෞදි අරාබි රජයේ නොමසුරු සහය ඇතිව ඔවුන් ඉවත් කිරීම පහසු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සිසිර සෙනවිරත්න මහතා පවසයි.

    රියාද් සහ කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සෞදි අරාබි රජය සහ ඉන්දීය රජයේ බලධාරීන් සමඟ එක්ව කාර්ටූම් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට ඉල්ලා සිටි අය ඉවත් කිරීමට තවදුරටත් කටයුතු කරමින් සිටී..

    නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද ඉවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා සහාය ලබා දේ.

    විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සුඩානයේ තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරයි.

    තවමත් සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා ඉල්ලීමක් කළහොත් සහය වීමට සූදානමින් සිටීන බව රජය දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.