fbpx
තවත්
    මුල් පිටුවspecialඉන්දියාව ලොව වැඩිම පිරිසකගේ නිවහන වෙයි

    ඉන්දියාව ලොව වැඩිම පිරිසකගේ නිවහන වෙයි

     

    කෝටි සංඛ්‍යාත ජනතාවක් නිසියාකාරව ගණන කිරීම කිසිම විටකෙ පහසු කාර්යක් නම් නොවෙයි. ඒත් එක්සත් ජතාතීන්ගේ සංවිධානය පවසන විදිහට ඔවුන්ගේ නවතම ගණන කිරීම් වලට අනුව මෙම සති අන්තය අවසන් වන විට ඉන්දියාව චීනය අභිබවමින් ලොව වැඩිම ජනගනහයක් සිටින රාජ්‍ය බවට පත්වනු ඇත.

    අපි සියලුම දෙනා කිසිම සැකයකින් තොරව ලබා දුන් උත්තරයක් වූ ලොව වැඩි ජනගහනය සිටින රට චීනය බවයි. නමුත් අද වන විට එම පිළිතුර නිවැරදි නොවන දුරකට ලොව ජනගහනය වෙනස් වී තිබේ.
    ඒ අනුව මෙම තත්ත්වය වැඩියෙන්ම හේතුව වී ඇත්තේ චීනය විසින් දශක ගණනාවක පටන් පවත්වාගෙන පැමිණි සෑම පවුලකටම එක් දරුවෙකු පමණක් සිටිය යුතු බවට පැනවූ නීතයයි. චීනයේ මෙම ප්‍රතිපත්තිය මගින් පරම්පරාවක කාලයක් තුල එරට ජනගහන වර්ධණය වේගය ඉතාම සීඝ්‍රයෙන් පාලනය කිරීමට සමත්විය. ඒ හේතුවෙන් චීනයේ උපත් අනුපාතය ඉතා තද බල ලෙස පහළ බැසීමක්ද පෙන්වීය.

    එහෙත් ඉන්දියාව විසින් එවන් පාලනයක් පවත්වාගෙන නොයාම හේතුවෙන් මේවන විට චීනය අභිබවා යාමට ඉන්දියාවට හැකියාව ලැබී ඇත. කෙසේ වෙතත් ලොව වැඩිම ජනගහනය සිටින රට බවට පත්වීම කිසිඳු රටක් ඉතා ඉහළින් අපෙක්ෂා කරන කාරණයක් නොවන බවද සඳහන් කළයුතුමය.
    .
    ඉන්දියාව තුල විශාල ජනගහන වර්ධනයක් සිදුවීම සම්බන්ධයෙන් අග්‍රාමත්‍ය නරෙන්ද්‍ර මෝදි අවස්ථා කීපයකදීම අදහස් දක්වා තිබිණි. එහිදී ඔහු විශේෂයෙන්ම පෙන්වා දුන් කාරනය වූයේ, “ජනගහනය උගත්, සෞඛ්‍ය සම්පන්න නැතිනම්, නිවස හෝ රට සතුටින් සිටිය නොහැක, ” යන්නයි.

    ඒත් ඉන්දියාවේ ජනගහනය මෙතරම් විශාල වූයේ කෙසේද සහ එය කොපමණ කාලයක් පවතිනු ඇත්ද?

    රටක ජනගහනයේ නැගීම හෝ පහත වැටීමට හේතුව කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට සාඵල්‍යතාව ප්‍රධාන සාධකයකි. රටක සාමාන්‍ය සාඵල්‍යතා අනුපාතිකය මගින් පෙන්නුම් කරන්නේ එක් කාන්තාවකට සාපෙක්ෂව සිටින ළමුන් සංඛ්‍යාව ලෙස සරලව පැහැදිලි කළ හැකිය. ඒ අනුව රටක ජනගහනය පවත්වා ගැනීමට සාඵලයතා අනුපාතය 2.1 මට්ටමකින් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය. එම අගයට වඩා ඉහළ අගයක් ගණ්නා අවස්ථාවකදී පමණක් රටක ජනගහනය වර්ධනය වීමක් සිදුවේ.

    1960 දශකයේදී එනම් අදවන විට ආච්චිලා සීයලා වන පිරිසට දරුවන් සිටින විට, ඉන්දියාවේ සාඵල්‍යතා අනුපාතය 6 ක් වූ අතර, එද අදවන වට ඇතැම් අප්‍රිකානු රටවල පවතින සාඵල්‍යතා අනුපාතයට සමාන විය.

    එහෙත්, ඉන්දීය රජයට අනුව, 1992 සිට 1993 දක්වා වූ කාලයෙදී සාඵල්‍යතා අනුපාතය 3.4 වැනි අගයක පැවති අතර එම අගය 2019 සිට 2021 වන විට 2.0 දක්වා පහත වැටී ඇත. සාඵල්‍යතා අනුපාතිකයේ පහත වැටීමක් තිබියදීත් ජනගහන වැඩිවීම “ජනගහන ගම්යතාව.” මගින් පැහැදිලි කළ හැකිය.

    ඒ අනුව සඵලතා අනුපාතය පහත වැටෙන විටද ජනගහනය දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව වර්ධනය වේ. ඊට හේතුව තරුණ ජනගහනය තවදුරටත් ජනගහන නියෝජනය කරමින් වැඩිහිටින් බවට පත්වීමයි.
    ඉන්දියාව වැනි විශාල දේශකය රවේ විවිධ ප්‍රදේශ වල එකිනෙකට වෙනස් වූ සාඵල්‍යතා අනුපාතයන් පැවතීම පුදුමයට පත්විය යුතු කාරණයක් නොවේ. එහිදී ඉන්දියාවේ උතුරු ප්‍රදේශය වල සහ දකුණු ප්‍රදේශ වල එකිනෙකට වෙනස් වූ සාඵල්‍යතා අනුපතාය පවතී. මෙහිදී දකුණට සාපකේෂව උතුරේ ඉහළ සාඵල්‍යතා අනුපාතයක් වාර්තාවේ.

    කෙසේ වෙතත් මෙම කිසිම ප්‍රදේශක ඉතා අස්වාභාවික ආකාරයකින් සාඵල්‍යතා අනුපාතයන් ඉහළ යාමක් වාර්තා නොවීමද විශේෂත්වයකි. මෙහිදී ඉන්දියාවේ ඉහළම සාඵල්‍යතා අනුපතයක් වාර්තා වන්නේ බිහාර් ප්‍රාන්තයෙන්ය. එම අගය 3.0ක් වන ඉතා ඉහළ අගයක් නොවීමද සුවිශේෂ තත්ත්වයකි.

    මේ අතර එහිදී ඇතැම් ප්‍රන්ත වල ජනගහනය එම මට්මමෙ පවත්වාගෙන යාමට ප්‍රමාණාවත් තරම්වත් නව දරු උපත් වාර්තා නොවන තත්ත්වයක් පවතින බවද නවතම දත්ත වාර්තා අනාවරණය කරයි. කෙසේ වෙතත් සාඵල්‍යතා අනුපතාය ඉහළ මටම්ක පවතින ප්‍රනාන්ත වන්නේ – බිහාර්, මේඝලය, උත්තර් ප්‍රදේශ්, ජාර්කන්ඩ්, මනිපූර් වන අතර එම ප්‍රාන්ත සියල්ම උතුරු ප්‍රදේශයේ පිහිටා තිබීමද විශේෂත්වයකි.

    ඒ අනුව දකුණු ප්‍රදේශයේ පිහිටි ප්‍රාන්ත වලට තත්ත්වය ඉතා වෙනස් අගයක් ගෙන ඇත. එහිදී විශේෂයෙන්ම ගෝවා ප්‍රන්තයේ සාඵල්‍යතා අනුපාතය දකුණු යුරෝපයේ ඇතැම් රටවලට සමාන මට්මක පවතී.

    එක්සත් ජාතීන්ගේ වර්ගීකරණයට අනුව, ඉන්දියාව සතුව දැන් ඇත්තේ “වයස්ගත සමාජයක්” වන අතර එයින් අදහස් කරන්නේ ඉන්දියාවේ සමස්ථ ජනගහනයෙන් 7% ක් වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අය බවයි. සමහර ප්‍රාන්තවල, උදාහරණයක් ලෙස දකුණු ඉන්දියාවේ කේරළයේ, පසුගිය වසර 30 තුළ 65ට වැඩි ජනගහනය දෙගුණ වී ඇති අතර දැන් එය 12%කි.

    මෙම අඩු සාඵල්‍යතා අනුපාතය තවදුරටත් වර්ධනය වනු ඇති බවට අපෙක්ෂාක කරන බව ජගත් සංවිධාන වර්තා පෙන්වා දෙයි.

    ඉන්දියාවේ ජනගහන වර්ධනය මන්දගාමී වෙයි

    ඉන්දියාව මුළු ජනගහනයෙන් චීනය අභිබවා යාම සිදුවීමට නියමිතය. නමුත් එක්සත් ජාතීන්ගේ දත්ත පෙන්වා දෙන්නේ ඉන්දියාවේ ජනගහන වර්ධන වේගය පසුගිය කාලය පුරාවටම මන්දගාමී වී ඇති බවයි.

    1971 සහ 1981 අතර කාලයේදී ඉන්දියාවේ ජනගහනය සෑම වසරකම සාමාන්‍යයෙන් 2.2% කින් වර්ධනය විය. 2001 සිට 2011 දක්වා කාලයේදී එය 1.5% දක්වා අඩු වී ඇති අතර අදවන විට එම අගය ඊටත් වඩා අඩු අගයක් ගෙන තිබේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ පුරෝකථනයන්ට අනුව, 2064 දී ඉන්දියාවේ ජනගහනය බිලියන 1.7 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මේ වන විට, ඉන්දීය වැසියන්ගෙන් 40% කට වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 25 ට අඩු වන අතර, ඉන්දියාවේ 2023 හි ඇස්තමේන්තුගත මධ්‍ය වයස අවුරුදු 28 කි. එම අගය චීනයට වඩා අවුරුද දහයකට වඩා අඩු අගයක් වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.
    2021 දී, ඉන්දියාවේ වැඩ කරන වයසේ ජනගහනය මිලියන 900 කට වඩා වැඩි වූ අතර, ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට අනුව ඉදිරි දශකය තුළ එය බිලියනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙම දැවැන්ත සහ සාපේක්ෂව අඩු වැටුප් ලබන තරුණ ශ්‍රම බලකාය බොහෝ දුරට ඉංග්‍රීසි කතා කරන, ඩිජිටල් සාක්ෂරතාව සහ ව්‍යවසායකත්වය සඳහා කීර්තියක් ඇති අතර, චීනයට විකල්ප නිෂ්පාදන මධ්‍යස්ථානයක් සොයන බටහිර සමාගම් සඳහා ඉන්දියාව වඩාත්ම යෝග්‍ය ස්ථානය බවට පත්ව තිබේ.

    නමුත් අප්‍රිකාවෙන් නැගී එන තරුණ කම්කරුවන්ගේ ජනගහනයට මග සලසමින් ඉදිරි දශක කිහිපය තුළ ලෝකයේ වැඩ කරන වයසේ ජනගහනය සඳහා ඉන්දියාවේ දායකත්වය මන්දගාමී වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

    ඉන්දියාවට මීළඟට කුමක් වෙයිද?

    ඉන්දියාව යනු ලොව දුප්පත්ම රටවලින් එකකි. ඊට හේතුව වන්නේ ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම තවමත් ඉතා පහළ මට්ටමක පැවතීමයි. ඉන්දියාව එම තත්ත්වයෙන් පසුවුවත් ලොව වේගවත්ම ආර්ථික වර්ධනයක් පවති රාජ්‍යයන් අතර ප්‍රමඛයෙක් වීමට සමත්ව ඇති අතරම ලොව පස්වැනියාට විශාලතම ආර්ථිකයටද ඉන්දියාව හිමිකම් කියයි.

    මේ අතර ලෝක බැංකුවේ ඇස්තමේන්තු අනුව මෙම වසරේ ලොව ප්‍රධාන ආර්ථිකයින් සියල්ල අභිබවා යමින් වැඩිම ආර්ථික වේගයක් ඉන්දියාව අත්පත් කරගැනු ඇත. එහිදී චීනය සියයට 4.3 වර්ධනයක්ද එක්සත් ජනපදය සියයට 0.5 වර්ධනයක්ද අපෙක්ෂා කරන අවස්ථාවක ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 6.6ක අගයක් ගනු ඇති බවට පුරෝකථනය කර ඇත.

    එමෙන් ඇතැම් ආර්ථික විද්‍යාඥයින් පුරෝකථනය කරන අන්දමට ඉදිරි වසර දහයක කාලයේදී ලොව තුන් වැනි විශාලතම ආර්ථික බවට පත්වීමටද ඉන්දියාවට හැකියාව පවතී. ඉන්දියාවට එවැනි හැකියාවක් පැවතියවද ඉන්දියාවේ තුල දැඩි ආදායම් බෙදී යාමේ විශමතාවයක් පවතී.

    ඉන්දියානු ආර්ථිකය සීඝ්‍රයෙන් වර්ධනය වුවත් එරට මිලයන සංඛ්‍යාත ජනතාවක් අධික දරිද්‍රතාවයෙන් පෙලෙයි. ඔවුන්ට සිය මූලික අවශ්‍යතා පවා ඉටු කරගැනීමට නොහැකි ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරයි. මේ අතර ඉන්දියාව තුල ශ්‍රම බලකායට සක්‍රීයව දායක විය හැකි විශාල තරණ ප්‍රජාවක් සිටියද ඔවුන්ට අවශ්‍ය තරම් රැකියා අවස්ථා ඉන්දියාවේ නොමැති වීම විශාල අභියෝගයක් වි තිබේ.

    මෙහිදී ඉන්දියාවේ උතුරු ප්‍රදේශ වල ආර්ථිකය දැඩි වශයෙන් කෘෂිකාර්මාන්තය පදනම්ව පවතින අතර එබැවින් නව රැකියා අවස්ථාන නොමැති වීමත් නිසි ආදායම් මර්ග නොමැති වීමත් දැඩි සමාජ අර්බුදයක් බවට පත්ව ඇත. උදාහරණයක් ලෙස උත්තර් ප්‍රදේශ්හි ඉන්දියාවේ ජනගහනයෙන් 17% ක් සිටින නමුත් එහි කාර්මික රැකියා වලින් ඇත්තේ 9% ක් පමණි.

    මේ අතර ඉන්දියාවේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය 2021 ලෝක බැංකු දත්ත අනුව සියයට 19ක අගයක පවතී. එය ආසියාවේ අඩුම කාන්තා සහභාගිත්වය වන බවද දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ඉන්දියාව තුල කාන්තා ශ්‍රම බලකා සහභාගිත්වය වර්ධනය කිරීමට නව ප්‍රතිපත්ති අවශ්‍යකර තිබේ.

    ඒ අනුව ඉන්දියාව ලොව වැඩිම ජනගහනය සතු රාජ්‍ය බවට පත් වුවද මෙතෙක් කාලයක් ඉන්දියාව තුල කිදා බැසි තිබූ සමාජ සහ ආර්ථික අභියෝග තවදුරටත් එලෙසම පවතින ඇති බවට අපෙක්ෂා කළ හැකිය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.