fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අපරාධකරුවන්ගෙන් සියයට 40 ක් මතට ඇබ්බැහි වූවන්

    අපරාධකරුවන්ගෙන් සියයට 40 ක් මතට ඇබ්බැහි වූවන්

    රටේ මේ වන විට සිදුවන අපරාධවලින් සියයට 40 කට ම සම්බන්ධ අපරාධකරුවන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති විශේෂ රැස්වීමකදී අනාවරණය විය.

    මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ප්‍රජා පොලිස් රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම ඉකුත් 07 වෙනිදා පැවැත්විණි.

    මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙම රැස්වීම පැවැත්වී ඇති අතර ඊට පොලීසිය නියෝජනය කරමින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ පොලිස් ප්‍රධානීන් රැසක්ද සහභාගිවී සිටිනු දක්නට ලැබුුණි.

    “බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ දී” ඒ සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන කරුණු පහක් හදුනා ගෙන ඇතැයි මෙම රැස්වීමේදී කියැවිණි. එම කරුණු පහ මෙහිදී හදුන්වනු ලැබුවේ පංචවිධ කරුණු ලෙසින් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

    ඒ අතර ප්‍රධාන කාරණාව වී ඇත්තේ මත්ද්‍රව්‍ය මෙරටටට ගෙන ඒමය. මත්ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කිරීම සදහා මත්ද්‍රව්‍ය රට තුළට ගෙන්වීම නැවැත්වීම, මත්ද්‍රව්‍ය සදහා වන ඉල්ලුම අඩු කිරීම හා මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත කිරීමත් යන කරුණු හඳුනාගෙන ඇතිබව මෙන්ම මත්ද්‍රව්‍ය ගෙන ඒම හා මත්ද්‍රව්‍ය සඳහා තිබෙන ඉල්ලුම අඩු කිරීම සඳහා මේ වනවිටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව මෙහිදී , කථාබහට ලක්ව බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

    මෙම රැස්වීමේදී වඩා අවධානයට යොමු වූයේ මත්ද්‍රව්‍යයට අබ්බැහි වුවන් සිරගත නොකර පුනරුත්ථාපනය කර, වෘත්තීය පුහුණුවක් ලබා දෙමින් සමාජයට ඵලදායී පුරවැසියන් ලෙස සම්බන්ධ කිරීම යැයිද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

    මතට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කිරීමේන් පසු නිදහස් වී එළියට පැමිණෙන විට දරුණු අපරාධකරුවන් වන බව මෙන්ම , වර්තමානයේ සිදුවන අපරාධවලින් 40%ක් අපරාධකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වීමත්, ඒ අයගේ ශ්‍රම දායකත්වය රටට අහිමිවී යාමත් යන කාරණා මෙහිසී වඩාත් සාකච්ඡාවට බදුන්වී ඇත. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම ගැන මෙම රැස්වීමේදී වඩාත් අවධානයට යොමු ව තිබේ.

    මෙම රැස්වීමේදී අපේක්ෂිත ව්‍යාපෘති සැලැස්මක් ඉදිරිපත් කළ බව මෙන්ම , එහිදී බන්ධනාගාරගත කළ යුතු, සමාජගත කළ යුතු හා වෙනත් නේවාසිකව පුනුරුත්ථාපනය කළ යුතු අයවලුන් යටතේ මෙම ව්‍යාපෘති සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බව යෝජනා වූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

    එහිදී වෘත්තීය පුහුණුව සමාජගත කිරීම හා පසුවිපරම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් වූ බව ද අමාත්‍යාංශය සදහන් කරයි.

    ඒ සසම්බන්ධයෙන් සැලැස්මක් සකස් කිරීම සඳහා විධායක හා කළමනාකරණ කමිටුවක් පත් කල අතර, ඊට අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා විවිධ ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් එය නිර්මානය කිරීමට තීරණය වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

     

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.