තවත්
    මුල් පිටුවඅනාවරණඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සැත්කම් නවතී - ICU වැසේ

    ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සැත්කම් නවතී – ICU වැසේ

    ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිකම නිසා එම රෝහලේ දැඩි සත්කාර ඒකකය දින කීපයක සිට වසා දමා ඇති අතර ශල්‍යකර්ම සිදුකිරීම සම්පූර්ණයෙන්ම නතර කර තිබේ.

    ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු විදේශ රැකියාවකට ගොස් ඇති අතර අනිත් විශේෂඥ වෛද්‍යවරයා විදේශ පුහුණුවකට යාම නිසා එම තත්ත්වය උද්ගතව ඇතැයි වාර්තා වෙයි.

    මේ අතර අත්‍යවශ්‍ය හදිසි ශල්‍යකර්ම කළ යුතු රෝගීන්, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු රෝගීන් ඇඹිලිපිටිය රෝහලට භාර ගැනීම නතර කර ඇති අතර එවැනි රෝගීන් ඇඹිලිපිටිය රෝහලට මාරු කිරීමෙන් වලකින්නැයි ද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ආර් ඒ එම් ඩබ් එස් බණ්ඩාර මහතා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.

    ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් දැඩි සත්කාර ඒකකයේ සිටි රෝගීන් මේ වනවිට රත්නපුරය, හම්බන්තොට, කරාපිටිය සහ මාතර යන රෝහල්වලට යවා තිබෙන බවද සිසේරියන් සැත්කමක් කළ යුතුව තිබූ ගර්භණි මාතාවක් ද වෙනත් රෝහලකට මාරුකර යවා ඇතැයි ද වාර්තා වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img