අලුත් අවුරුදු උදා වූ මොහොතේ සිට අතුරුදන්ව සිටින දරුවන් තිදෙනෙක් සොයා වෙන්නප්පුව පොලීසිය විමර්ශන ආරම්භකර ඇත.
මෙසේ අතුරුදන්ව ඇත්තේ වෙන්නප්පුවේ පදිංචි වයස අවුරුදු 15ක් සහ 14ක් වන දරුවන් තිදෙනෙකි.
මෙම දරුවන් තිදෙනා වෙන්නප්පුවේ පිහිටි කණිෂ්ඨ විද්‍යාලයක අධ්‍යාපනය ලබන අය බව පොලීසිය කියයි.
මෙම දරුවන් තිදෙනා මිතුරන් බවත් එකට සිටින අය බවත් පොලීසිය කියයි.