fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කැනේඩියානුවෙක් මිය යයි

    වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කැනේඩියානුවෙක් මිය යයි

    සංචාරක වීසා මගින් මෙරටට පැමිණ වීසා කාලය ඉක්මවා රැදී සිටියදී අත්අඩංගුවට ගෙන වැලිසර පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රදවා සිටි කැනේඩියානු ජාතිකයෙකු වැලිසර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ (52) නැමැති කැනේඩියානුවෙකි.

    ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටියදී ඇතිවුණු අසනීප තත්ත්වයක් මත වැලිසර ළය රෝහලට මෙම කැනේඩියානු ජාතිකයා ඇතුලත්කර තිබී ඇත.

    ඔහු මියගොස් ඇත්තේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.