fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනේ පදිංචියට යන රිලවුන් දුරින් ඉඳන් අල්ලන්න පුළුවන් කූඩුවක්

    චීනේ පදිංචියට යන රිලවුන් දුරින් ඉඳන් අල්ලන්න පුළුවන් කූඩුවක්

    රිළවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකයින් ක්‍රියාත්මක කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හඳුන්වා දීමට සැළසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    එම කූඩු භාවිතා කිරීම සඳහා රිළවුන් අල්ලනු ලබන පුද්ගලයින්ට විශේෂ පූහුණුවක් ලබා දීමට ද නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

    මෙම ඉල්ලීම අනූව මෙරට රිළවුන් 100,000 පළමු අදියර යටතේ ලබා දීම සඳහා විශේෂ සාකච්ඡා කිහිපයක් ද පවත්වා ඇත.

    ඊට ඇතැම් ඇතැම් පරිසර සංවිධාන හා විවිධ පුද්ගලයින්ගෙන් විවේචන එල්ලවෙමින් පවතී.

    එසේ වුවද තම වගාබිම්වලට රිළවුන් ඇතුළු අනෙකුත් සතුන් විසින් සිදු කරන හානිය සඳහා, විරෝධය පළකරන්නන් කිසිවකු හෝ සංවිධානයක් තම ගැටලුවලට විසඳුම් ලබා දී නැති බවත් ඇතැම් ගොවි සංවිධාන පෙන්වා දෙයි.

    වගාවන්ට විශාල වශයෙන් හානි කරවන රිළවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගනු ලබන කවර පියවරකට වුවත් තමන්ගේ උපරිම සහයෝගය පළ කරන බව සියලුම දිස්ත්‍රික් ගොවි සංවිධානවල නියෝජිතයින් දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    මේ අතර සත්ව සුබසාධන කටයුතු සඳහා කටයුතු කරන සංවිධානයක් ද කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත්තේ වනසත්ව හානි අවම කර ගැනීම සඳහා සෑම ගොවිමහතෙක්ම තමන් වගා කරන බිමෙන් අක්කර භාගයක් සතුන්ට ආහාර පිණිස වෙන් කරන්නේ නම් මෙම සත්ව හානි අවම කර ගත හැකි බව යැයි අමාත්‍යාංශය කියයි.

    කෙසේ වුව ද චීනය විසින් රිළවුන් සත්වෝද්‍යානවලට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ ද ඒ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයට බලයක් නැති බැවින් එ සදහා වනජීවි දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත කටයුතු කිරීමට තීරණය කර තිබේ.

    මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුනේ කෘෂිකර්ම, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශ තුනම එක් අමාත්‍යාංශයක් වශයෙන් පැවැති අවස්ථාවේය.

    දැනට අප රටේ රිළවුන් ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබේ.

    මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිළවා බව කියැවේ.

    රිලා ගහනය අවම කර ගැනීම සඳහා මෙතෙක් ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී ඇතැයි ද රජය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.