තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඒරොප්පෙන් ආ ඇත්තන්ටත් පාරාදීසයේ අවුරුදු

    ඒරොප්පෙන් ආ ඇත්තන්ටත් පාරාදීසයේ අවුරුදු

    විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුදු අත්දැකීම් ලබාදීමට සංවිධානය කළ “New Year in Paradise 2023” අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අද(15) උණවටුන මුහුදු තීරයේදී පැවැත්විණි.

    මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුද්ද හා බැඳි දේශීය සංස්කෘතික අංගයන්හි අත්දැකීම් ලබාදීම මෙම අලුත් අවුරුදු උත්සවයේ අරමුණයි.

    අලුත් අවුරුදු සංස්කෘති අංග රැසකින් මෙම අලුත් අවුරුදු උත්සවය අළංකාරවී තිබූ අතර විදේශීය සංචාරකයින් වෙනුවෙන් වෙන් කර තිබූ අලුත් අවුරුදු කෑම මේසය, සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගෙන තිබුණි.

    විදේශිකයින් සදහා කණා මුට්ටිය බිදීම, අලියාට ඇස තැබීම, ලිස්සන ගහ නැගීම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි තරග රැසක් ඊට අදාළව සංවිධානය කර තිබූ අතර දේශීය නැටුම් හා බෙර වාදන සහිත සංස්කෘතිකාංග ද ඊට ඇතුළත් ය.

    කුඩා දරුවන් සඳහා වූ වෙරළේ වැලි මාලිගා සකස් කිරීමේ තරගයක් බොහෝ දෙනෙකුගේ සිත් ගත්තේය.

    දේශීය ආහාර සකස් කිරීම පිළිබද සජීවී අත්දැකීම් සංචාරකයින්ට ලබාදීම සදහා දේශීය කැවිළි සහිත ගැමි මුළුතැන්ගෙයක්ද අලුත් අවුරුදු උත්සවය සදහා එක් කර තිබුණි.

    සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනුග්‍රහයෙන් මෙම අවුරුදු උත්සවය සංවිධානය විය

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img