fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඕමාන් ජාතික ව්‍යාපාරිකයාට පහරදුන්නාට තවත් අයෙක් අත්අඩංගුවට

    ඕමාන් ජාතික ව්‍යාපාරිකයාට පහරදුන්නාට තවත් අයෙක් අත්අඩංගුවට

    කටාන කෝපිවත්තේ පිහිටි ඇඟළුම්කම්හලකට කඩා වැදී එහි හිමිකරුවන ඕමාන් ජාතික කළමනාකාර අධ්‍යක්ෂවරයාට පහරදුන් දේශපාලනඥයෙකුගේ තවත් ගෝලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම පහරදීම සිදුව තිබුණේ පසුගිය 30 වෙනිදාය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අතත්අඩංගුවට ගෙන ඇති සැකකරු ධිවර රැකියාවේ නිරතව සිටින 38 හැවිරිදි අයෙකි.

    මෙයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පහරදීමට සැකපිට ව්‍යාපාරිකයන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ද දේශපාලනඥයෙකුගේ ගෝලයෙකි.

    මෙම පිරිස පහරදී තිබුණේ වයස අවුරුදු 55ක් වන අල්ෆාන් සලී සෙයිඩ් ඔබයදානි නැමැති ඇගළුම් කම්හල් කළමනාකාර අධ්‍යක්ෂට සහ ඇගළුම් කම්හලේ ආරක්ෂක නිලධාරියෙකුටය.

    මෙයට පෙර මෙම පහරදීම ගැන කටානේ පදිංචි තිදෙනෙක් බඩල්ගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. තවත් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ තවත් සැකකරුවෙක් පමණක් බව බඩල්ගම පොලීසිය සඳහන් කළේය.

    මෙම පහරදීම රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් බවටද පත්ව තිබුණි. පාර්ලිමේන්තුවේදීද මේ ගැන දැඩි කථාබහක් ඇතිවිය. මේ නිසාම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් පොලිස්පතිවරයා විසින් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය. ඕමාන් ජාතිකයා සඳහන්කර තිබුණේ සාධාරණ විමර්ශනයක් සිදු නොවන්නේ නම් ඇඟළුම්කම්හල මෙරටින් ඉවත්කරගෙන යන බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.