තලල්ලේ පැවති අලුත් අවුරුදු ඩී.ජේ සංගීත ප්‍රදර්ශනයක් අතර තුර මිදිගම පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයෙකු හදිසියේම අසනීප වී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ගන්දර තලල්ලේ පදිංචිකරුවෙක් වන මංජුල ප්‍රියදර්ශන (43) නැමැති පොලිස් පරීක්ෂකවරයාය.
මෙම මරණයට හේතුව හදවත් හා ස්නායු රෝගී තත්ත්වයක් බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.