තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිනි තියන් මැරුණු අයෙක් වසර එකහාමාරකට පසු පොලීසියට කොටුවෙයි

    ගිනි තියන් මැරුණු අයෙක් වසර එකහාමාරකට පසු පොලීසියට කොටුවෙයි

    හබරණ පලුගස්වැව කුඩා රඹෑවේ ගල්වැඩ පොලක ආසන්නයේ තිබී පසුගිය 2021 වසරේ ඔක්තෝබර් 29 වෙනිදා පිළිස්සී මිය ගිය පුද්ගලයෙකුගේ ශරීර කොටස් කිහිපයක් පොලීසියට හමුවී තිබුණි.

    ඒ අසල ලිපියක්ද තිබී හමුවූ අතර එම ලිපියට අනුව මියගොස් ඇත්තේ පලුගස්වැව පදිංචිකරුවෙක් වූ සුදේශ් ඉලංගසිංහ (27) නැමැති අයෙකි. එම ලිපියට අනුව සිදුව තිබුණේ ඔහු සියදිවි හානිකර ගැනීමකි. ලිපියේ අත්අකුරු පවා ඔහුගේ බවට තහවුරු විය.

    මෙසේ සියදිවි හානිකරගෙන සිටි පුද්ගලයාට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක්ද විභාග වෙමින් පැවතුණි. මරණය සම්බන්ධයෙන් පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී පවුලේ කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් පොලීසියට ඒ ගැන ඇතිවන්නේ සැකයකි. එබැවින් මෙම සියදිවි හානිකර ගැනීම ගැන පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පොලීසිය තීරණය කළේය.

    පොලීසිය මෙහිදී සැකරනුයේ නඩුවලින් බේරීමට කළ උපක්‍රමයක් ලෙස මෙම සියදිවි හානිකර ගැනීම රංගනයක් විය හැකි බවය.

    මේ අතර පසුගිය අප්‍රේල් 06 වෙනිදා සියදිවි හානිකරගත්තේ යැයි සඳහන් සුදේශ් ඉලංගසිංහ නැමැති පුද්ගලයාත් මැදිරිගිරිය රණවිරුගම්මානයේ පදිංචිකරුවෙක් වූ ඔහුගේ මිතුරෙක් වන ගයාන් විජේසිංහ (36) නැමැති අයත් අත්අඩංගුවට පත්වන්නේ මකුළුගස්වැව පොලිස් ස්ථානයටය. ඒ අපරාධයක් සම්බන්ධයෙනි.

    සුදේශ් ඉලංගසිංහගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ ඔහු සියදිවි හානිකරගත් බවට රංගනයක නිරත වී සැඟවී සිටින අයෙක් බවය. තමා එම රංගනයේ නිරත වූයේ 2021 වසරේ ඔක්තෝබර් 20 වෙනිදා යාචකයෙකු ඝාතනයකර පුළුස්සා බවද ඔහු පවසන්නට විය. ඊට තමාට සහය දුනනේ ගයාන් විජේසිංහ නැමැති ඔහු සමඟ අත්අඩංගුවටගත් සැකකරු බවද ඔහු බවසා තිබේ.

    මේ ගැන ගයාන් විජේසිංහ නැමැති සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ යාචකයෙක් මරා දැමීමක් සිදු නොවූ බවය. සුසාන භූමියකින් ගොඩගත් මළ සිරුරක් රඹෑවට ගෙන ගොස් පිළිස්සා කොටස් රැගෙනවිත් දැමූ බවද මෙම සැකකරු පොලීසියට පවසා ඇත. මේ ගැන පුළුල් විමර්ශනයක් තවදුරටත් සිදුකරන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img