තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශාන්ත මරියා විද්‍යාලයට හොරු පනී

    ශාන්ත මරියා විද්‍යාලයට හොරු පනී

    කටුකුරුන්දේ පිහිටි ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති කාර්යාලය හොරු බිද ඇති බවට එගොඩ උයන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

    මෙම සොරකම පසුගිය 04 වෙනිදාත් ඊයේ (14)ත් අතර කාලය තුළ සිදුව ඇති බව විදුහල්පතිවරිය විසින් පොලීසියට පැමිණිලිකර තිබේ.

    ලැප්ටොප් පරිගණකයක්, ස්පීකර් 02ක්, මොනිටරයක්, මයික් එකක්, ඈම්ප් එකක්, පොත් සහ තවත් දේපොල රැසක් මෙහිදී සොරා ගැනීමට ලක්ව ඇත.

    මේ ගැන විමර්ශන පැවැත්වූ පොලීසිය 21 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන සොරාගත් දේපොලද සොයාගෙන තිබේ. මෙම සැකකරු මොරටුව එගොඩ උයනේ පදිංචි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img