තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් අවුරුදුදා රටපුරා මිනිස් ඝාතන 4ක්

    අලුත් අවුරුදුදා රටපුරා මිනිස් ඝාතන 4ක්

    අලුත් අවුරුදු උදාවත් සමඟ රටපුරා මිනිස් ඝාතන 04ක් සිදුව ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    සීදූව, අහුංගල්ල, මැදගම සහ එරාවුර් යන පොලිස් වසම්වලින් මෙම ඝාාතන 04 වාර්තාවී ඇත.

    සීදූව සහ අහුංගල්ල ඝාතන සිදුව ඇත්තේ වෙඩි තබාය.

    සීදූවේ වෙඩි තැබීම සිදුව ඇත්තේ අලුත් අවුරුදු දා රාත්‍රී කාලයේදීය. සීදූව රාජපක්ෂපුර පදිංචි 45 වියැති අයෙක් මෙහිදී ඝාතනයට ලක්ව තිබුණි.

    මෙම ඝාතනය දෙපාර්ශවයක් අතර පැවති ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූවක් බව පොලීසිය සඳහන් කළේය.

    පිස්තෝලයකින් මෙම වෙඩි තැබීමකර ඇති අතර වෙඩිත්තරු යුද හමුදාවේ විශ්‍රාමික සෙබලෙකි. පොලීසිය පවසන්නේ ඔහුව අත්අඩංගුවටගත් බවය.

    අහුංගල්ලේ වෙඩි තැබීම සිදුව ඇත්තේ අහුංගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේදීය.

    අලුත් අවුරුදු උදාවත් සමඟ අහුංගල්ල මාකුඹුර අමරමෝලි මාවතේ පදිංචිකරුවෙක් වන තරිදු නිසංසල ද සිල්වා (29) නැමැති අය සිය සහෝදරියගේ දරුවන් දෙදෙනාද සමඟ යතුරු පැදියක නැගී ගමන්කරමින් සිටියදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන බව පොලීසිය කියයි.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩි තබා ඇත්තේ හිසටමය. මෙම ඝාතනයට යොදාගෙන ඇත්තේ ටී 56 වර්ගයේ අවියකි.

    මෙහිදී කුඩා දරුවන් දෙදෙනාගේ ජීවිතයට හානියක් සිදුව නැති අතර ඔවුන් යතුරුපැදිය බිම පෙරලීමෙන් තුවාල ලබා ඇත.

    එරාවුර් හී ඝාතනය සිදුව ඇත්තේ හිසට පොරවකින් පහරදීය. මෙසේ ඝාතනය වී ඇත්තේ එස්. දේවේන්ද්‍රන් (38) නැමැති අයෙකි. මෙම ඝාතනය තලවායි සින්නතම්බි පාරේදී සිදුව ඇත.

    මෙම ඝාතනයේ සැකකරු 28 හැවිරිදි චෙන්කල්අඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විමර්ශනයේදී හෙළිවී ඇත්තේ ඝාතනය වූ පුද්ගලයා විසින් ඝාතන සැකකරුගේ පියාට කරල ලද විහිළුවක් හේතුයෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවය.

    අලුත් අවුරුද්දේ සිව් වැනි ඝාතනය වාර්තාවන්නේ මැදගම කොටබෝව දිඹුල්දෙන ප්‍රදේශයෙනි.

    සුනිල් රත්නායක නැමැති මැදගම පදිංචිකරුවෙක් මෙසේ ඝාතනය වී ඇත. ඔහු 47 හැවිරිදි වියේ පසුවන්නෙකි. පුද්ගලික ආරවුලක් මුල්කරගෙන ඔහුව ඝාතනයකර ඇත්තේ පිහියකින් ඇනය. ඔහුට පිහියෙන් ඇන ඇත්තේද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඔහු මේ වන විට තුවාල ලබා රෝහල්ගතකර සිටින බව පොලීසිට කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img