තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අවුරුදු උදාවේ දළදා මාළිගාවේ කිරි ඉති‍රේ..

    අවුරුදු උදාවේ දළදා මාළිගාවේ කිරි ඉති‍රේ..

    සිංහළ හින්දු අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කිරි ඉතිරවීමේ මංගල්‍ය අද (14) පස්වරුවේ යෙදුණු සුභ මොහොතින් සිදුවිය.

    අලුත් අවුරුදු උදාව සිදුවූ පස්වරු දෙක පසුවී මිනිත්තු පනස්නමයට දකුණු දිශාව බලා කිරි ඉතිරවීම සිදුවූයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙනි.

    නව වසරක උදාවේ මුලින්ම කිරි ඉතිරවීම ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකිරීම පුරාතනයේ සිට සිදුවූ චාරිත්‍රයකි.

    රටට සහ සමස්ථ මහජනයාට සුභසිද්ධිය ප්‍රාර්ථනා කරමින් ආගමිකවතාවත් පවත්වා සුභ මොහොතින් කිරි ඉතිරවීම සිදු කෙරේ.

    දන්ත ධාතූන් වහන්සේ උදෙසා තේවාව භාර අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි ඇතුලු මහා සංඝරත්නය සහ රාජකාරී භාර කාර්යය මණ්ඩලය සහ සැදැහැවතුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img