තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන ජනාධිපති ගුවැන්චෞ නගරයට ගිය හේතුව

    චීන ජනාධිපති ගුවැන්චෞ නගරයට ගිය හේතුව

     

     
    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා Guangzhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වේ. ඉකුත් 12 වැනිදා මේ චාරිකාව සිදුකෙරිණ.

    Guangzhou හි LG ප්‍රදර්ශන නිෂ්පාදන මධ්‍යස්ථානය සහ  GAC AION නව බලශක්ති මෝටර් රථ සමාගම ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

    Guangzhou නගරයේ උසස් මට්ටමේ විවෘතභාවය හා එහි නිෂ්පාදන කර්මාන්තයන් හි ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධන තත්ත්වය ජනාධිපතිවරයා විමසා බැලීය.

     එම සමාගම් විද්‍යා තාක්ෂණ නවෝත්පාදනයන් ඉදිරියට පවත්වා ගනිමින් ස්වයං වෙළඳ සන්නාම නිර්මාණය කරගැනීම කෙරෙහි ද ඔහු අවධානය යොමුකළේය.

    ව්‍යාපාරික නියෝජිතවරුන්, විද්‍යා පර්යේෂකයන් හා ප්‍රමුඛ පෙළේ  සේවකයන් සමග ෂී ජින්පිං මහතා අදහස් හුවමාරු කරගත්තේය.

    චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය, බටහිර නවීකරණයට කිසිසේත් සමාන නොවේ.

    චීනයට බටහිර නවීකරණ ආකෘතිය අනුව එක් තැනකට කේන්ද්‍රගත වීම හෝ අනෙකුත් රටවල් කොල්ලකෑමේ පිළිවෙත අනුගමනය කළ නොහැකි බව ෂී ජින් පිං මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය, චීනයේ සැබෑ තත්ත්වයන්ට අනුකූල වන අතර එය ඉලක්ක, සැලසුම් සහ උපායමාර්ගවලින් සමන්විත බව ද හෙ‍තෙම එහිදී අවධාරණය කළේය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img