ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රාජ්‍යන් කිහිපයක්ම අපහසුතාවයට පත් කළ රාජ්‍ය බුද්ධි තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසිස්න 221 හැවරිදි ජාතික ආරක්ෂක බලකා සාමාජිකයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
21 හැවරිදි ජැක් ඩග්ලස් ටෙක්සෙයිරා එක්සත් ජනපද ගුවන් ජාතික ආරක්ෂක බලකා සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු සිය නිවසේ රැදී සිටියදී මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බව එෆ්.බී.අයි ආයතනය සඳහන් කරයි.
අදාල සැකකාර ජාතික ආරක්ෂාක බලකා සාමාජිකයා බොස්ටන් නගරයෙන් සැතපුම් කිලෝමීටර් 80ක් පමණ දකුණින් බොහෝ දුරට වනාන්තරවලින් පිරුණු නගරයක් වන මැසචුසෙට්ස් හි ඩයිටන් හි පිහිටි ඔහුගේ නිවසේ දී අත් අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේදී ඔහු කොට කලිසමකින් හා ටී ෂර්ටයක් පැලද සිටි ඇත.
ආරක්ෂාක බලකා සාමාජිකයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එෆ් බී අයි ආයතනයේ නිලධාරීන් ඔහුව සහ ඔහුගේ නිවස දැඩි සෝදිසියකට ලක්කර ඇත. එහිදී එෆ්.බී.අයි ආයතනයේ නිලධාරීන් විශාල පිරිසක් සහ ආරක්ෂක රථ රාශ්‍රියක්ද පැමිණ ඇති බවද ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ අනුව ටෙක්සෙයිරා හට එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට අදාල සංවේදී තොරතුරු මුදා හැරීම සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ පනත යටතේ චෝදනා ගොනු කරන බවදට එක්සත් ජලපද නිලධාරීන් පැවසිය.
ටෙක්සෙයිරා විසින් නිකුත් කළ බුද්ධි තොරතුරු ඔහු විසින් සම්බන්ධ අන්තර්ජාලය හරහා ක්‍රිඩා කරන පරිගණ ක්‍රිඩාවක සමූහක් වෙත මුදා හැර තබේ. පසුව එම තොරතුරු අන්තර්ජලාය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්තව වී ඇති බවට සැකරකරයි.
බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට අත්අඩංගුවට පත් ටෙක්සෙයිරා 22019 වර්ෂයේදී ජාතික ආරක්ෂක බලකා සමාජිකයෙකු ලෙස සම්බන්ධ වී ඇත. එහිදී ඔහුගේ රාජකාරිය වී ඇත්තේ සයිබර් සයිබර් ප්‍රවාහන පද්ධතියට අදාල පහසුකමි සැපයීමයි. ඔහුගේ නිල තනතුර වී ඇතතේ ගුවන් භට පළමු පන්තිය වන අතර එය සාපේක්ෂව කනිෂ්ඨ තනතුරකි.
මේ සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද නීතිපති මෙරික් ගාර්ලන්ඩ් පැවසුවේ සැකකරු “සිදුවීමකින් තොරව” අත්අඩංගුවට ගත් බවයි.
පෙර දින පැවති වෙනම ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් පැට් රයිඩර් පැවසුවේ කාන්දුව “හිතාමතා සිදු කළ සාපරාධී ක්‍රියාවක්” බවයි.
එවැනි තරුණ ගුවන් භටයෙකුට රහසිගත ආරක්ෂක ලියකියවිලි සඳහා ප්‍රවේශය ලැබුණේ කෙසේදැයි ඇසූ විට ජෙනරල් රයිඩර් පැවසුවේ එක්සත් ජනපද හමුදාව පුරා නිලධාරීන්ට “ඉතා කුඩා කාලයේදීම විශාල වගකීමක්” පවරා ඇති බවයි.
“තරුණ හමුදා ප්ලැටූන් භාර සැරයන්වරයෙකු ගැන සිතන්න, හමුදාවන් සටනට යොමු කිරීම සඳහා ඒ තරුණයා ගැන අප විසින් තබා ඇති වගකීම සහ විශ්වාසය ඉතාම ඉහළයි.,” යනුවෙන්ද ඔහු පැවසීය.