ලොරි රථයක ගැටුණු පුද්ගලයෙකු බරපතල තුවාල ලබා සිටියදී එම පුද්ගලයාව අනතුරට සම්බන්ධ ලොරි රථයේ දමාගෙන රෝහලට රැගෙන යන බවසා රැගෙන ගොස් රෝහල්ගත කිරීමකින් තොරව පාළු ප්‍රදේශයක වෙල්යායකට දමාගොස් තිබියදී මළ සිරුර පොලීසියට හමුවී ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ කඩවත දී වන අතර මළ සිරුර හමුවී ඇත්තේ රාගම පොලිස් වසමේ මීන්කෙන්ද පන්සල අසල වෙල්යායක් අසල තිබියදීය. ඒ ඊයේ උදෑසන කාලයේදීය.
මෙසේ අවාසනාවන්ත මරණයකට ලක්ව ඇත්තේ කඩවත ඉඹුල්ගොඩ පදිංචිකරුවෙක් වන 50 හැවිරිදි වියේ පසුවන්නෙකි.
අනතුරට සම්බන්ධ ලොරි රථය හදුනා ගැනීමට මේ වන විට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.