තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිලියන 141ක කේරල ගංජා නාවික හමුදා දැලේ

    මිලියන 141ක කේරල ගංජා නාවික හමුදා දැලේ

    ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (02) රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 428 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    මෙම ඩිංගි බෝට්ටුව සමඟ සැකකරුවන් කන්කසන්තුරය වරායට අද අලුයම රැගෙන ආ පසු කේරළ ගංජා තොගය නිරීක්‍ෂණය කළ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා එම මෙහෙයුම සිදුකල කණ්ඩායම වෙත සිය ප්‍රශංසාව පල කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.

    මෙ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 141ක් පමණ වනු ඇත.

    ඩිංගි යාත්‍රාව තුල උර දහ තුනක් පාර්සල් 195 ක අසුරා මෙම කේරල ගංජා තොගය තිබී ඇත.භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 33ක් සහ 37ක් වන යාපනය, අනලතිව් දූපතේ පදිංචිකරුවන්ය. ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිසිය වෙත සැකකරුවන් සමඟ කේරළ ගංජා තොගය භාරදී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img