වෙබ්අඩවි හා සමාජ මාධ්‍යවල විදේශ රටවල විවිධ රැකියා ලබාදෙන බව පවසමින් දැන්වීම් පළකර මුදල් ලබාගන්නා වංචාකරුවන් පිළිබඳව ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඔබගේ විදේශ ගමන් බලපත්‍රය හෝ මුදල් යම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබාදීමට පෙර අදාල ආයතනයේ නීත්‍යානුකූලභාවය පිළිබද සැලකිලිමත් වන ලෙස එම කාර්යංශය දැනුම් දෙයි.
එජන්සි ආයතනවල නීත්‍යානුකූලභාවය හා වලංගු රැකියා ඇනවුම් පිළිබදව විමසීම් www.slbfe.lk වෙබ් අඩවියෙන් සහ පැය 24 පුරා විවෘත ක්‍ෂණික ඇමතුම් අංක 1989 පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව එම කාර්යංශය දන්වා සිටියි.
මෙවැනි වංචාකරුවන් පිළිබද තොරතුරු දන්නේ නම් 0112 864 241 අංකය අමතා හෝ 0112 864 118 ෆැක්ස් මාර්ගයෙන් හෝ [email protected] යන ඊමේල් ලිපිනය මගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දන්වන ලෙස ද එම කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.