ජාතික පාසල්වල 2-4 දක්වාත් 7-10 දක්වාත් අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අප්‍රේල් මස 21වන දිනෙන් පසුව ඉහත ශ්‍රේණිවලට අදාළව චක්‍රලේඛ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් දැනුම් දෙන බව එම නිවේදනයේ සඳහන් ය.
එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් නොකරන බවද එහි සඳහන් වේ.