fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රතිභාපූර්ණ රංගවේදී 'කලං' දිවිසැරිය නිමකරයි

    ප්‍රතිභාපූර්ණ රංගවේදී ‘කලං’ දිවිසැරිය නිමකරයි

    ප්‍රතිභාපූර්ණ, ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත විය.

    සිය නිවසේ සිටියදී මියයන විට කලංසූරිය මහතා 82 වැනි වියෙහි පසුවිය.

    ‘කලං’ යනුවෙන් කා අතරත් ජනප්‍රිය වූ අමරසිරි කලංසූරිය මහතා ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග ශාලාවේ මෙන්ම පුංචි තිරයේ දී දක්ෂතා දැක්වූයෙකි.

    ඔහු සිය ප්‍රථම චිත්‍රපටයට පෙනී සිටියේ විජය කුමාරතුංග සමඟ හන්තාන කතාව චිත්‍රපටයේය.

    1974 වසරේ අහස් ගව්ව චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් විචාරක සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු 1982 වසරේ හොඳම සහය නළුවාට හිමි සරසවිය සම්මානයත්, 1986 වසරේ හොඳම සහය නළුවාට හිමි සරසවිය සම්මානයත්, 1986 දී පූජා චිත්‍රපටිය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි ජනාධිපති සම්මානයත් දිනාගත්තේය.

    කලංසූරිය මහතා මෙරට සිනමාවේ සලකුණු තැබූ සිනමාපට ගණනාවකට රංගනයෙන් දායක වූවෙකි.

    බඹරු ඇවිත්, අහස් ගව්ව, යස ඉසුරු, අක්කර පහ, සිංහබාහු, වජිරා, අහස් මාළිගා, දියයට ගින්දර, තරංගා,  අපේක්‍ෂා, අනුපමා, පොඩි මල්ලි, කාංචනා, පරිත්‍යාගය, සිංහබාහු, වජිර, සක්විති සුවය, යස ඉසුරු, පූජා  ආදි සිනමා නිර්මාණ රැසකට දායකත්වය දුනි.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද පළමු රූපවාහිනී කතාමාලාව වන, ඩී.බී.නිහාල්සිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද දිමුතු මුතු හි  ප්‍රධාන චරිතයක් කළේ කලංසූරිය මහතායි.

    නාට්‍ය නළුවෙකු ලෙස ඔහු පොඩි විජේ නාට්‍ය නිෂ්පාදනය කර එහි රඟපෑවේය. තවත් විරාමයකින් පසු කලංසූරිය මහතා 2001 වසරේ රොඩ්නි විදානපතිරණ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ශිල්ප දෙනුමැන’ චිත්‍රපටයෙන් නැවත පැමිණියේය.

    ඔහු දායක වූ නිර්මාණ අතුරින් අතිශය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණ කිහිපයක් පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.