fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් ප්‍රවාහන ගාස්තු අඩුවෙයි

    පාසල් ප්‍රවාහන ගාස්තු අඩුවෙයි

    පාසල් ප්‍රවාහන සේවා ගාස්තු ද 8%ත් 10%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කරන බව පාසල් ප්‍රවාහනය සේවා සංගම් පවසයි.

    ඒ ඉන්ධන මිල පහළයාමට සාපේක්ෂව ය.

    දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමන්නේ නම් සේවා ගාස්තු තවදුරටත් අඩු කළ හැකි බවද ඔවුහු කියති.

    වාහන අමතර කොටස් සම්බන්ධයෙන් පවතින මිල ගණන් සඳහා ද සහනයක් ලබාදීමට කටයුතු කරන්නේ නම් තවදුරටත් සේවා ගාස්තු අඩුකළ හැකි බවද ඔවුහු සිහිපත් කරති.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.