තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත් ගැන සුබ ආරංචියක්

    ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත් ගැන සුබ ආරංචියක්

    විදේශ විනිමය මෙරටට එවනු ලබන විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආයනයනය කිරීම සඳහා ලබාදී ඇති කාල සීමාව මේ වසරේ අගෝස්තු මාසය දක්වා දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    පුද්ගලික වශයෙන් රටට ඩොලර් ගෙන්වා ගන්නා අනෙක් පුද්ගලයින්ටත් ඉලෙට්‍රික් වාහන ආයනය බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (29) ඕවර්ලෑන්ඩ් ඔටෝ මොබයිල් ආයතනය විසින් සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වෙමිනි.

    විදේශ විනිමය එවනු ලැබූ විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ කාලසීමාව පසුගිය වසරේ මැයි මාසයේ සිට දෙසැම්බර් 31 දක්වා සීමා කර තිබුණි.

    එම කාල සීමාව අගෝස්තු මාසය දක්වාම මෙසේ දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img