තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ සාරාගේ අභිරහස විසඳුණු හැටි

    කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ සාරාගේ අභිරහස විසඳුණු හැටි

    DNA පරීක්ෂණ දෙකකින්ම හඳුනාගැනීමට නොහැකි වූ පාස්කු ප්‍රහාරයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ සාරා ජෙස්මින් මියගොස් ඇති බව තුන්වෙනි DNA පරීක්ෂණ වාර්තාවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

    සරා ජෙස්මින් මියගොස් ඇති බවට එම රස පරීක්ෂක වාර්තාව උපුටා දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී.

    එම මාධ්‍ය නිවේදනය මෙසේය.

    2019 අප්‍රේල් 26 වන දින සයින්දමුරුදු ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක් තුළ රැඳී සිටියදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා හැරීම හේතුවෙන් මිය ගිය තැනැත්තන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන විමර්ශනවලදී එම මරණකරුවන් හඳුනා ගැනීම සඳහා අධිකරණ නියෝග මත විශේෂඥ අධිකරණ සහ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් ගේ සහභාගීත්වයෙන් තුන්වන වරට ලබාගන්නා ලද සියුම් සාම්පල් සම්බන්ධව සිදුකරන ලද ඩී.එන්.ඒ. පරීක්ෂාවේදී එම මියගිය තැනැත්තන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය ද සිටින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත්කරන ලද වාර්ථා මගින් තහවුරුවී ඇත.

    පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අයගේ මවගෙන් ලබාගන්නා ලද ඩී.එන්.ඒ. සාම්පල් සමඟ අපරාධ ස්ථානයෙන් සොයා ගන්නා ලද අස්ථි කොටස් කොටස් කිහිපයක ඩී.එන්.ඒ. සාම්පල්, මවගේ සහ දරුවන් අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාවය තහවුරු වන ප්‍රතිඵලයක් බවත්, ඒ අනුව එම අස්ථි සාම්පල් හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවිදා වීමට ඇති සම්භාවිතාව සියයට 99.9999ක් බව තහවුරු වී ඇති බවත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවේ වැඩිදුරටත් සඳහන්කර ඇත.

    මෙම වාර්ථාව අනුව 2019 අප්‍රේල් 26 වන දින සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක් තුළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය මිය ගොස් ඇති බව තහවුරු වී ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img