තවත්

    ඉන්ධන මිල පහළට

    අද(29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවේදනය කරයි.

    ඒ අනුව,

    පෙට්‍රල් 92 ලීටරයක් රු.60 කින්
    පෙට්‍රල් 95 ලීටරයක් රු.135 කින්
    ඔටෝ ඩීසල් ලීටරයක් රු.80 කින්
    සුපර් ඩීසල් ලීටරයක් රු.45 කින්
    භූමිතෙල් ලීටරයක් රු.10කින් අඩු කර තිබේ.

    ඒ අනුව ඉන්ධනවල නව මිලගණන් ලෙස,

    ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල 340 ක්ද
    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල 375 ක්ද
    ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල 325 ක්ද
    සුපර් ඩීසල් ලීටරයක මිල 465 ක් ද
    භූමිතෙල් ලීටරයක මිල 295 ක් ද වේ.

    විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ අද (29)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ ය.

    මේ අතර මෙම පියවරට සමගාමීව අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඉන්ධන මිල ද අඩු කිරීමට නියමිත බව එම සමාගම සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img