තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුතින් නිවාස ඒකක 864ක් මේ වසරේදී

    අලුතින් නිවාස ඒකක 864ක් මේ වසරේදී

    මෙම වසරේදී රුපියල් මිලියන 648ක් වැය කරමින් නිවාස ඒකක 864ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “සැමට නිවහන” ව්‍යාපෘතිය යටතේ එම නිවාස ඒකක ඉදිකිරීමට අපේක්ෂිතයි.

    ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන යටතේ රුපියල් මිලියන 578ක මුදලක් වැයකරමින් නිවාස 760ක් වැඩ අවසන් කිරීමට නියමිත ව ඇත.

    එමෙන්ම එම නිවාසවල පදිංචි ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මහා භාණ්ඩාගාර අරමුදල් යටතේ රුපියල් මිලියන 76ක මුදලක් වෙන්කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.

    ඊට අමතරව අර්ධ සුඛෝපභෝගී නිවාස ඒකක 560ක් ඉදිකිරීමට නියමිතය. එම ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි 685ක විශාලත්වයකින් යුතු නිවාස 140ක් සහ කාමර තුනේ නිවාස ඒකක 420ක් ඉදිකරනු ඇත.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ එම ව්‍යාපෘතිය ඉදිකිරීමට ඉන්දියානු සංවර්ධනකරුවකු වන සී.ඩී.සී කාර්මික ඉන්ෆ්‍රොස් ආයතනය සමඟ පසුගිය වසරේදී ගිවිසුම්ගත වූ බවය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මීට පෙර වසරවලදී ආරම්භ කර නිම නොවූ ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමට මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3,750ක මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබාදී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img