තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රීවරයකු සහ පුත්තලම කාති උසාවියේ විනිසුරු මරාගනී

    මන්ත්‍රීවරයකු සහ පුත්තලම කාති උසාවියේ විනිසුරු මරාගනී

    පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා සහ පුත්තලම කාති උසාවියේ නිවිශ්චකාර මොහොමඩ් රමන්තුල්ලා අතර ගැටුමක් ඊයේ රාත්‍රීයේදී සිදුව ඇත.

    අලි සබ්‍රි රහීම් මහතාගේ දියණියගේ නිවසේදී මෙම ගැටුම වී ඇති බව පුත්තලම පොලීසිය කියයි.

    මන්ත්‍රීවරයාගේ දියණියගේ නිවසේ පැවති සුහඳ සාකච්ඡාවකට තමාව කැදවා මන්ත්‍රීවරයාත් ඔහුගේ බෑණාත් එක්ව තමාට පහරදුන්නේ යැයි කාති උසාවියේ විනිසුරුවරයා පුත්තලම පොලීසියට පැමිණිලිකර ඇත. ඔහු මේ වන විට පුත්තලම රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටී.

    මේ අතර අලි සබ්‍රි මන්ත්‍රිවරයාද පුත්තලම පොලීසියට පැමිණ පැමිණිල්ලක්කර ඇත්තේ තමාට කාති උසාවියේ විනිසුරුවරයා පහරදුන් බවය. තමාගේ පපුව රිදෙන බවද ඔහු එහිදී පොලීසියට පවසා රෝහල්ගතවන බව කියමින් පිටව ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img