තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද හවසත් බොහෝ තැන්වල අහස ගුගුරා වැසි ඇතිවෙයි

    අද හවසත් බොහෝ තැන්වල අහස ගුගුරා වැසි ඇතිවෙයි

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දින සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.

    නැගෙනහිර පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img