තවත්
    මුල් පිටුවspecialයුක්‍රේන ගුවන් හමුදාවෙන් විදෙස් නියමුවන්ට ඇරයුම්

    යුක්‍රේන ගුවන් හමුදාවෙන් විදෙස් නියමුවන්ට ඇරයුම්

    යුක්‍රේන ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවන් ලෙස සේවය කිරීමට විදේශිකයින් හටද අවස්ථාව ලබාදීමට එරට රජය විසින් තීරණය කර ඇත.

    ඒ අනුව ඉදිරියේදී යුක්‍රේනයට අවශ්‍ය කරනු ලබන නියමුවන් විදෙස් රටවල් සපයා ගැනීමටත් එමගින් විදේශ රටවලින් ලැබෙන ප්‍රහාරක යානා ඇතුළු ගුවන් යානා හැසිරවීමට කටයුතු සලසා ගැනීමත් මෙමගින් අපේක්ෂිතය.

    යුක්රේනයේ ගුවන් හමුදාපතිවරයාගේ ප්‍රකාශකයෙකු වන යූරි ඉහ්නාට් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සුදුසු හමුදා පුහුණුවක් තිබේ නම් විදේශීය පුරවැසියන්ට තම ගුවන් හමුදාවට සම්බන්ධ විය හැකි බවයි.

    “ඔවුන් ගුවන් නියමුවෙකු හෝ ගුවන් ඉංජිනේරුවෙකු වැනි හමුදා රැකියාවක් කර තිබේ නම්, මෙම පුද්ගලයින්ට නීත්‍යානුකූලව යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්හි සෙබළුන් විය හැකිය,” ඔහු පැවසීය.

    යුක්රේනය සෝවියට් යුගයේ ගුවන් සේවා උපකරණ ක්‍රියාත්මක කරන බැවින් දැනට නියමුවන් හිඟයක් නොමැති බව පැවසූ ප්‍රකාශකයා, නමුත් තමන් කැමති නව ප්‍රහාරක ගුවන් යානා ලැබුණහොත් විශේෂඥයින්ගේ අවශ්‍යතාවය වැඩි විය හැකි බවද ඔහු පැවසීය.

    “අපට ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත F-16 ප්‍රහාරක යානා හෝ වෙනත් උපකරණ තිබේ නම්, සමහර විට විදේශිකයන් අපිට අවශ්‍ය වනු ඇත,” යනුවෙන්ද ඉහ්නාට් පැවසීය. ” ඒ අනුව මෙම උපකරණ සමඟ දිගු කලක් වැඩ කරන පුද්ගලයින්ගේ අත්දැකීම් අපිට අත්‍යාඅශ්‍ය වනු ඇත.”
    යුක්රේන හමුදාවට දැනටමත් විදේශීය සොල්දාදුවන් ඇතුළු ඇතැම් හමුදා ඒකකවල විදේශිකයන් සිටින බව ඔහු සඳහන් කළේය.

    මේ අතර නේටෝ සාමාජිකයින් වන පෝලන්තය සහ ස්ලෝවැකියාව දැනටමත් යුක්රේනයට සෝවියට යුගයේ නිෂ්පාදිත මිග්-29 ප්‍රහාරක ජෙට් යානා යැවීම ආරම්භ කර ඇත. එම යානා යුක්‍රෙන් නියමුවන් භාවිතා කල සහ හැසිරවීමේ මානා පළපුරුද්දත් ඇති යානා වේ. කෙසේ වෙතත් යුක්රේනය එක්සත් ජනපදයේ නිෂ්පාදිත F-16 වැනි නවීන බටහිර ජෙට් යානා තමන්ට අවශ්‍ය බවත් ඒ සඳහා අවස්ථා ගණනාවකදීමට ඉල්ලීම් කර තිබේ.

    යුක්‍රේනයෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවත් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පෙරවාරි 24වැනිදා ප්‍රකාශ කර සිටියේ යුක්රේනයට දැනට F-16 ප්‍රහාරක යානා අවශ්‍ය නොවන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img