තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනිද්දා පැය 10ක ජල කැපිල්ලක්

    අනිද්දා පැය 10ක ජල කැපිල්ලක්

    කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට අනිද්දා (25) දින පෙ.ව.11.00 සිට ප.ව. 9.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටු වන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

    විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ තුළුම පොම්පාගාරය වෙත විදුලිය සැපයීම අත්හිටුවීම ඊට හේතුවයි.

    ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද ය.

    මෙම ජල සැපයුම අත්හිටු වීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පල කරන අතර අවශ්‍ය ජලය කල් තබා රැස්කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img