තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රිකට් පිත්තෙන් පහරදී තාත්තා මැරූ පුතෙක්

    ක්‍රිකට් පිත්තෙන් පහරදී තාත්තා මැරූ පුතෙක්

    විශ්‍රාමික බැංකු කළමනාකරුවෙකුට ව්‍යාපාරික පුතෙකු විසින් ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කර ඇත.

    මඩකලපුව කල්ලඩි හී පදිංචිකරුවෙක් වූ කාරියපුල්ලෙයි කරුනෙයිරාජා (65) නැමැති විශ්‍රාමික බැංකු කළමනාකරු මෙසේ මියගොස් තිබේ. ඔහු සේවයකර ඇත්තේ රාජ්‍ය බැංකුවකය.

    මුදල් ආරවුලක් මුල්කරගෙන මෙම පහරදීම පුතා විසින් කර ඇති බවත් රෝහල්ගත කිරීමෙන් පසු ඊයේ පියා මියගොස් ඇති බවත් පොලීසිය කියයි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් බේකරි නිෂ්පාදන ව්‍යාපාරයකට සම්බන්ධව සිටින පුතාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img