තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාම ගිහින් දවසයි - SSPට පොලීසියෙන්ම මරණ තර්ජන

    විශ්‍රාම ගිහින් දවසයි – SSPට පොලීසියෙන්ම මරණ තර්ජන

    පොලොන්නරුව කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවයකර පසුගිය 18 වෙනිදා විශ්‍රාම ගිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාට පොලීසියේම ඇතුලෙන් මරණ තර්ජන එල්ලවී තිබේ.

    ඒ පසුගිය 19 වෙනිදා ඔහුගේ 61 වෙනි උපන්දිනය සමරමින් පැවති තිහාරියේ උත්සව ශාලාවක පැවති සාදයක් අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් දුරකතන ඇමතුම් දෙමිනි.

    මොණරාගල පොලිස් කොට්ඨාශයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ අනුරාධපුර කොට්ඨාශයේ සේවයේ නිරත සැරයන්වරයෙක් මෙසේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට තර්ජනනය කර තිබෙන බව ඔහු විසින් ඊයේ නිට්ටඹුව පොලීසියට කර ඇති පැමිණිල්ලක දැක්වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img