කොළඹ වරායේ සුළු සේවකයෙකුව සේවක විවේකාගාරයේදී පහරදී ඝාතනයකර සිරුරට ගිනි තැබූ ඔහුගේ මිතුරෙක් බව කියන වරාය සේවකයෙකුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඝාතනය සිදුව ඇත්තේ 2016 වසරේ දෙසැම්බර් 08 වෙනිදාය.
කැලණිය ගෝනවල පදිංචිව සිටි නුවන් ජයතිලක නැමැති අයෙක් ඝාතනය වී තිබුණි. ඔහු කොළඹ වරායේ සේවය කළ සුළු සේවකයෙකි.
කොළඹ වරායේ පිහිටි සුළු සේවකයින්ගේ විවේකාගාරය තුළ නිදා සිටි මෙම සේවකයාට පහරදී ඝාතනයකර පසුව මළ සිරුරට ගිනි තබා ඇති බවත් එම ගින්නෙන් සේවක විවේකාගාරයද ගිනි ගෙන ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ වරායේ සේවයේ නිරත වැඩ සහයකයෙකු වන ඩ්බ්ලිව්. එම්. රූපරත්න නැමැති අයෙකුවය.