කාන්තාවකගේ අත්පා ගැටගසා ඇයව දූෂණය කර ඇය පැළද සිටි රන් භාණ්ඩ කොල්ලකෑ සීසර්වරයෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත හත්බෝධිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 29 හැවිරිදි පුද්ගලයෙකි.
බෙලිඅත්ත කාර්මික විද්‍යාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු සතුව තිබී රිවෝල්වරයකට සමාන ලෙස මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ගල්කටස් වර්ගයේ අවියක් සොයාගෙන ඇත. ඒ හැරුණු කොට මිලි මීටර් 09 වර්ගයේ පතොරම් 02ක්ද ඔහු සතුව තිබී සොයාගෙන තිබේ.